History
ඉසුරුමුණිය රජමහා විහාරය
ඉසුරුමුණිය රජමහා විහාරය
ඉසුරුමුණිය වු කලී මුල්ම බෞද්ධ විහාරස්ථානනයවේ.දේවානම් පියතිස්ස (කි:වපු :250-210*රජ දවස කරවණ ලදි. පන්සියයක් ඉසුරුමත් පුරුෂයින් මිහිදු මහාහිමියන් වෙතින් පැවිදිව විසුතැන්හි දේවානම්පියතිස්ස රජු කරවු වෙහෙර ඉසුරුමුණිය නම් වු බව මහාවංශයෙහි සඳහාන්වේ.හෙළ කලාකැරවාගේ නිර්මාණ කෞෂල්‍ය මනාව පිළිඹිබුවේ. මෙතුමාගේ ඇවැමේන් පසු විවිධ කාල වකවානුවලදි රජවරුන් විසින් මෙම ස්ථානය පිළිසකරකරන්නට යෙදුනහ .ඒ අතර වසභ රජතුමා( කි‍්‍ර:ව:67-111)ඉසුරුමුණිය විහාරයේ පොහොගෙය කරවිම.වොහාරික තිස්ස රජතුමා ඉසුරුමුණිය වටා පවුරක් කරවිම ද දැක්විය හැකිය.
ඉසුරුමුණිය කියුසැනින් අප මත කයට නැගෙනුයේ ඉසුරුමුණි විහාරයේහි පෙම්යුවල හෙළ කලා කරුවාගේ මුර්තිශිල්පිය විශ්මය ලොවට කියාපෑමය.මෙම මුර්තියේහි දැක්වනුයේ සාලිය අශෝකමාලා පේ‍්‍රමපුරාණය විද්‍යමාන කරවන බව විද්වතුන්ගේ මතයයි.පස්වන සියවසට අයත් මෙම කලා කෘතිය ගුප්ත ශෛලියකට නෑකම් කියයි. එම චරිත ශ්‍රි ලංකාවට අවේනික වු බව පැහැදිලිය.බෞද්ධ ජනයාගේ ගෞරවාදරයට පත්විමට මුල් වනුයේ මෙම ස්ථානයේ ජය ශ්‍රී මහ බෝධින් වහන්සේගේ අෂ්ඵල බෝධින් වහන්සේ ඉසුරුමුණි විහාරයේ වැඩසිටිමය.ඓතිහාසික විහාරය,මෙහි දක්නට ලැබෙනමනස්කාන්ත ,චිත්තාකර්ශනීය කැටයම් කලාව සහ ඒහි සුන්දර පරිසරයයි .දෙවනපෑතිස් රජතුමා කරවු තිසාවැවත් ,මගුල් උයනත් ,වෙස්සගිරියත් විශාල කුඹුරුයායත් මධ්‍යයේහි පිහිටි බැවින්ය.තවද මෙම ස්ථානය හෙල කලාකරුවාගේ කලා කේන්ද්‍රස්ථානය ලෙස හැදිනවිය හැකිය.
මෙම විහාරයේ කැටයම් අතරින් මිනිස්සා සහ අශ්වහිස සහිත කලා කෘතිය අන්තර් ජාතික කීර්තියට පත් වුවකි. ඉසුරුමුණිය පර්වත පාමුල දිය කි‍්‍රඩාකරමින් සිටින හස්ති රූපකැටයමද සුවිශේෂි වුවකි. වැස්ස වලාබක දිව්‍යප‍්‍රත‍්‍රයාගේ පැමිණිමෙන් සෙමිනසට පත් හස්තින් බව සේනරත් පරණවිතාරනයෝ කරුණු දක්වති.රජ පවුල කැටයමද මෙම විහාරයේ කැටයම් අතර ප‍්‍රධාන වේ. මෙයින් දුටුගැමුණු රජ පවුල නිරූපණය වන බව විවිධ මතිමතාන්තරවල සඳහාන්වේ.රන්මසු උයන ද හෙල කලාකැවාගේ ප‍්‍රසස්ථ නිර්මාණයක්වන අතර මෙයින් අර්ථවත්වන්නේ ස්වර්ණ මත්ස්‍යයන් සිටි උයන වශයේනි. අක්කර හතලියක පමණ භුමි භාගයක් වසා පැතිරිනු මේබිම පැරණි ශ්‍රී ලාංකිය උද්‍යාන ශීල්පියේහි විශිෂ්ට සංකේතයකි.1901 දි පමණ එච්.සි.පි.බෙල්මහතා විසින් සොයාගන්නා ලද අතර 1940 දි පමණ රක්‍ෂණ කටයුතු ආරම්භ කරණ ලදි. සාලිය අශෝකමාලාවන්ගේ හමුවිමද මෙම උයනේදි සිදුවන්නට ඇතැයි විශ්වාස කරණ අතර අශෝකමාලාවන් විසු චණ්ඩාලගම උයනට යාබදව පිහිටා තිපු බව විශ්වාස කෙරේ.
Category: History
Articles exploring the ancient kingdoms, colonial era, and historical events that shaped Sri Lanka.
Related Articles
Independence Without a Single Shot: How Ceylon Became Sri Lanka
History
The Vedda: Sri Lanka's Indigenous Forest People
History
Ratnapura: The City of Gems
History